Search

වසර 04 කදී ඔස්ට්‍රේලියාවේ බිත්තර මිල ඉහළ ගියේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ බිත්තර මිල ගණන් වෙනස් වූ ආකාරය පිළිබඳව තොරතුරු ඇතුළත් නවතම දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය (ABS) විසිනුයි.

එහි 2020 වර්ෂයේ මාර්තු මාසයට සාපේක්ෂව රට තුළ බිත්තර මිල ගණන් වෙනස් වූ ආකාරය පිළිබඳ දත්ත ඇතුලත්.

ඒ අනුව 2020 වර්ෂයේ ජූලි මාසය වනවිට ඔස්ට්‍රේලියාවේ බිත්තර මිල සියයට 4 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව රට තුළ බිත්තර මිලෙහි සීග්‍ර ඉහළ යෑමක් වාර්තා වූයේ 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී.

එම කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ බිත්තර මිල සියයට 7 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශ දත්‍ත වාර්තාව ඔස්සේ පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යෑම සිදුවී ඇත්තේ 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීයි.

අදාළ කාලසීමාව තුළ රට තුළ බිත්තර මිල සියයට 16.1 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි දැක්වෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ කුරුළු උණ පැතිරී යාම ඒ සදහා ප්‍රබල සාධකයක් බවට පත්ව ඇති බව ද වැඩිදුරටත් සදහන් වනවා.