
ලොව වඩාත් කඩවසම් පුරුෂයන් සිටින රටවල් පිළිබඳව නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.
ජනමාධ්‍ය, විලාසිතා, ව්විධ විනෝදාත්මක ඉසව් වැනි දෑ පදනම් කරගනිමින් මෙම වාර්තාව World of Statistics විසින් නිකුත් කර තිබෙන ලද බවයි දැක්වෙන්නේ.
ශරීරයේ පෙනුම, සෞඛ්‍ය සම්පන්න බව සහ රංගන ශිල්පීන් නිරූපණ ශිල්පීන් සහ ක්‍රීඩකයන් කෙරෙහි පවතින ආකර්ෂණයද මෙම ශ්‍රේණිගත කිරීමට පදනම් වී තිබෙනවා.

එහිදී ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ දහතුන් වන ස්ථානයයි.
ඒ අනුව ලොව වඩාත් කඩවසම් පුරුෂයින් සිටින රට බවට ඉතාලිය පත්ව තිබෙන අතර එහි දෙවන ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදනයට හිමිවී තිබෙනවා.

ශ්‍රේණිගත කිරීමේදී තුන්වන ස්ථානය බ්‍රසීලයටත් සිව් වන ස්ථානය ප්‍රංශයටත් හිමිව තිබෙන බවයි දැක්වෙන්නේ.
ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව පිළිවෙලින් මෙහි හය වන සහ හත් වන ස්ථාන දිනා ගෙන ඇති බව ද වැඩිදුරටත් සදහන් වනවා.