
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද (03) විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.
ඒ ඉදිරියේදී පැවැත්වෙන ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය ඉලක්ක කරගෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී මැතිවරණය පැවැත්වෙන දින වකාවනු පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ අප්‍රේල් 12, මැයි 03 සහ මැයි 10 යන දිනයන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සළකා බැලිය හැකි බවයි.
මීට පෙර ෆෙඩරල් මැතිවරණය ලබන මැයි මස 17 වනදා පැවැත්වෙනු ඇති බවටද වාර්තා පළ වුණා.

මේ වනවිට නිකුත් වන සෑම සමීක්ෂණ වාර්තාවකින්ම ඉදිරියෙන් සිටින්නේ විපක්ෂ ලිබරල් සන්ධානයයි.
ඒ අනුව කඩිනමින් මැතිවරණය පැවැත්වුවහොත් එය පාලක කම්කරු පක්ෂයට දැඩි අභියෝගයක් වනු ඇති බවටද අනාවැකි පළ වනවා.
එබැවින් අද පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමේදී මැතිවරණ දිනය තරමක් ප්‍රමාද කිරීම කෙරෙහි ද අවධානය යොමු විය හැකි බවට නිල නොවන වාර්තා පළ වන්නේ.