Search

යුක්‍රේනයට සහය දෙන්න බ්‍රිතාන්‍යය පෙරට එයි

එක්සත් රාජධානියේ පූර්ණ සහය යුක්‍රේනයට ලැබෙන බව බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් අවධාරණය කරනවා.

ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සමග පැවති විවේචනාත්මක සාකච්ඡාවෙන් අනතුරුව ඊයේ යුක්‍රේන ජනාධිපති වොලද්මීර් සෙලෙන්ස්කි සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් අතර හමුවක් සිදුව තිබෙනවා.

සිය රට වෙනුවෙන් දක්වන සහය වෙනුවෙන් එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා එක්සත් රාජධානි වැසියන්ට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද සිය කෘතඥතාව පළකළ බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේනය සහ මහද්වීපය පුරා ආරක්ෂාව ඉහළ නැංවීම පිළිබඳ යුරෝපා නායකයින්ගේ සමුළුව පැවැත්වීම නියමිතව තිබෙනවා.

ඊට පෙර හදිසියේ බ්‍රිතාන්‍ය අගමැති සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර මෙම ද්විපාර්ශවික හමුව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා අද බැකින්හැම් මාලිගය අසල පිහිටි ලැන්කැස්ටර් හවුස් හි දී 3 වන චාල්ස් රජු හමුවීට ද නියමිතයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »