Search

ඔස්ට්‍රේලියාවේදී විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයා

හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මෙම වසරේදී මේ දක්වා වාර්තා වූ ලොව හොදම දක්ෂතාවය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා.

ඒ ඔස්ට්‍රේලියාවේදී පැවති පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලිය අතරතුරදීයි.

පර්ත් හීදී ඔහු හෙල්ල විසි කිරීම (පිරිමි) තරග ඉසව්ව වෙනුවෙන් තරග බිමට පිවිසුණා.

එහිදී රුමේෂ් ප්‍රියන්ත මීටර් 85.41 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට සමත්කම් දැක්වූවා.

එම දක්ෂතාවය සටහන් වූයේ මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ලොව හොඳම දක්ෂතාවය ලෙසයි.

කෙසේ වෙතත් රුමේෂ්ට ජපානයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක්‍රීඩා තරඟාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය පරිසාදන මට්ටම මෙහිදී අහිමි වී තිබෙනවා.

එම අවස්ථාව ඔහුට අහිමි වී ඇත්තේ සෙන්ටිමීටර් 09 කින් බව ද වැඩිදුරටත් සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »