Search

වික්ටෝරියානුවන් වෙනුවෙන් ඉදිරියේදී එන හදිසි ප්‍රතිකාර සායන

රට පුරා තවත් හදිසි ප්‍රතිකාර සායන (Urgent Care Cliencs) 50 ක් ස්ථාපිත කරන බවට පාලක කම්කරු පක්ෂය මැතිවරණ පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ Medicare දීමනාව ඩොලර් බිලියන 8.5 කින් ඉහළ නංවන බවට ඔවුන් විසින් දුන් පොරොන්දුවට අමතරවයි.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අද ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයෙන් තම පක්ෂය බලයට පත් වුවහොත් මෙම සායන ස්ථාපිත කිරීම සදහා ඩොලර් මිලියන 644 ක් වෙන් කරන බවයි.

ඒ යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත සායන 14 ක් ද වික්ටෝරියා ප්‍රාන්තය වෙත සායන 12 ක් ද ක්වීන්ස්ලන්ඩ් වෙත සායන 10 ක් ද හිමි වනු ඇති.

ඊට අමතරව බටහිර ඔස්ට්‍රේලියාව වෙත සායන 06 ක් ද දකුණු ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියාව වෙත සායන 03 ක් ද ලබාදීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

Nothern Territory සහ ACT වෙත ද මේ යටතේ සායන දෙක බැගින් ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩසටහන ඔස්සේ ඔස්ට්‍රේලියානුවන්ට සහන රැසක් ඉදිරියේදී හිමි වනු ඇති.