
මෙල්බන් උණුසුම් කාලගුණික තත්වය තරමක් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
ඒ අනුව මෙල්බන් හි වායුගෝලයේ උණුසුම මේ වනවිට සෙල්සියස් අංශක 21 දක්වා පහත වැටී තිබෙනවා.
මේ අතර සෙල්සියස් අංශක 45 ක දැඩි උෂ්ණත්වයක් ප්‍රාන්ත කිහිපයකට බලපා තිබෙනවා.

ඒ බටහිර සහ දකුණු ඔස්ට්‍රේලියාව, ක්වින්ස්ලඩ් සහ උතුරු ප්‍රදේශවලට යි.
වසර 75 කට පසු ඉහළ ම උෂ්ණත්වයක් දකුණු ඔස්ට්‍රේලියාවේ ඕඩ්නාදත් ප්‍රදේශයට බලපා තිබෙනවා.

එය සෙල්සියස් අංශක 46.1 කට වඩා වැඩි බවයි කියාසිටියේ.
ඒ අනුව උතුරු අභ්‍යන්තරයේ කිම්බර්ලි, පිල්බරා, ගැස්කොයින් සහ දකුණු අභ්‍යන්තර දිස්ත්‍රික් සඳහා කාලගුණ විද්‍යා කාර්යංශය විසින් උණුසුම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් වැඩි කිරීමට අගමැති ඇල්බනීස් සූදානම් වනවා.