Search

ඇල්බනීස් රජයට වික්ටෝරියාවේ ඡන්ද අඩු වන ලකුණු

ලේබර් පක්ෂයට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසන 8 අහිමි වීමේ අවදානමක් ඇතැයි වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

ලෙඩ්බ්‍රිජ් ඇක්සන්ට් දත්ත වාර්තාවලට අනුව පක්ෂ දෙකක මනාප පදනම මත ඇල්බනීස් රජයට සියයට 43 ක ඡන්ද ප්‍රතිශතකයක් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

එය 2022 මැතිවරණ ප්‍රතිඵල හා සසඳන විට සියයට 8.4 ක පසුබෑමක්.

ඔස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම ලේබර් පක්ෂයේ පසුබෑමට ප්‍රධාන ලෙස බලපෑ බවයි දේශපාලන විචාරකයින්ගේ විශ්වාසය වන්නේ.

මේ අතර විපක්ෂය චෝදනා කරන්නේ ඇල්බනීස් රජය ජීවන වියදම් ගැටළු ලිහිල් කිරීම සඳහා යමක් කරන බව පෙන්වමින් පසුගියදා අනුපාත කප්පාදුවක් සිදුකළ බවයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වල දී ඔස්ට්‍රේලියා රජය මෙන්ම විපක්ෂය ද ජනතාවට විවිධ පොරොන්දු ලබාදෙමින් සිටින බවද මාධ්‍ය වාර්තා පළකරනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »