
මෙල්බන් හි ප්‍රධාන මාර්ගයක සිදුකළ පොලිස් මෙහෙයුමකින් 50 දෙනෙකුට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.
මොනෑෂ් ෆී වේ හි ප්‍රධාන මාර්ගයේ ඊයේ සහ පෙරේදා දිනයේ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 49 දෙනෙකු සහ මත් ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් දස දෙනෙකු හමු වූ බවයි මෙල්බන් පොලීසිය පවසන්නේ.
එහිදී වාහන 18 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරු බලපත්‍ර නොමැති පුද්ගලයින් නව දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථ සොරකම් කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව චෝදනා 18 ක් ගොනුකර ඇති බවයි ෆෙඩරල් පොලීසිය පැවසුවේ.
මේ අතර මොනෑෂ් ප්‍රධාන මාර්ගයේ සොරකම් කරන ලද මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයින් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දිනයේත් වික්ටෝරියාවේ ප්‍රධාන මාර්ග කිහිපයක පොලිස් මෙහෙයුම් දියත් කරන බව පොලීසිය දැනුම් දෙනවා.