
උතුරු ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයට ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ රිච්ටර් මාපක අංක 4.4 ක භූ කම්පනයක් හටගත් බවයි තහවුරු වී ඇත්තේ.
භූ කම්පනය ටවුන්ස්විල් ප්‍රදේශය කිලෝ මීටර් 17 ක ප්‍රමාණයකට දැනී ඇති බවද වාර්තා වනවා.

ක්විනිස්ලන්ඩ් වැසියන් 4500 කට පමණ භූ කම්පනය දැනී ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
සිද්ධියෙන් කිසිදු දේපළකට හෝ කිසිදු පුද්ගලයෙකුට හානි වී නොමැති බව ක්වින්ස්ලන්ඩ් බලධාරීන් කියාසිටියා.

මේ අතර නිව් සවුත්වේල්ස් හි මුස්වෙල්බෘෘක් වලටද රිච්ටර් මාපක අංක 3.3 ක කුඩා භූ කම්පනයක් දැනී තිබෙනවා.