
බිහිරි හා ශ්‍රවනය කිරීමට අපහසු පුද්ගලයින්ට හදිසි උපකාර සේවා සමග සම්බන්ධවිය හැකි ඇප් එකක් හඳුන්වාදීමට වික්ටෝරියාවේ බිහිරි කාන්තාවක් සූදානම් වනවා.
ඩොලර් මිලියන 4 ක් පමණ වැයවෙන මෙම ඇප් එක වැඩිදියුණු කිරීමට අරමුදල් සපයාදෙන ලෙසයි එක්ස්ප්‍රෂන් ඔස්ට්‍රේලියා හි ප්‍රධාන විධායක රෙබෙකා ඇඩම් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ.
ජාතික සහය දිවීමේ සේවාව ශ්‍රවණාබාධිත ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් වීඩියෝ ඇමතුම් ලබාදෙන නමුත් ඒවා සතියේ දිනවල සහ සති අන්තයේ උදෑසන පමණක් ක්‍රියාත්මක වන බවයි ඇය කියාසිටියේ.

එහෙත් ෆෙඩරල් රජය පවසන්නේ ජාතික සහය දිවීමේ සේවාව සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 22 ක ආයෝජනයක් සිදුකරන බවයි.
නමුත් ජීවිත තර්ජන අවස්ථාවකදී එය භාවිත කිරීමට අපහසු බවයි රෙබෙකා පෙන්වාදෙන්නේ.

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් වෙනුවෙන් ඇයගේ දියණිය සමග හදිසි ඇමතුම් සේවා ඇප් එක නිර්මාණය කරන බව එක්ස්ප්‍රෂන් ඔස්ට්‍රේලියා හි ප්‍රධාන විධායකවරිය වැඩිදුරටත් කියාසිටියා.