Search

යාබද අසුනේ මළ සිරුරක් සමඟ ගුවන් ගමනක යෙදුණු ඔස්ට්‍රේලියානු යුවල

යාබද අසුනේ මල සිරුරක් සහිතව ගුවන් ගමනක නිරත වූ ඔස්ට්‍රේලියානු යුවලක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ මිචෙල් රින්ග් සහ ජෙනිෆර් කොලින් යන ඔස්ට්‍රේලියානු යුවලයි.

එම දෙපළ නිවාඩුවක් ගතකිරීම සදහා වැනිසියට යමින් සිටියදීයි මෙය සිදුවී ඇත්තේ.

මෙල්බන් සිට දෝහා බලා පියාසර කරමින් තිබූ Qatar Airways ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී ඔවුන්ට යාබද අසුනේ වාඩි වී සිටි කාන්තාවක් මෙලෙස මිය ගොස් තිබුණා.

කෙසේ වෙතත් යානය තුළ මගීන් නොමැති ආසන තිබියදී බ්ලැන්කට් වලින් එතූ අදාළ කාන්තාවගේ මල සිරුර ඔස්ට්‍රේලියානු යුවලගේ යාබද අසුනේ තැබීමටයි කාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන ඇත්තේ.

ඔවුන් පැය 04 කට අධික කාලයක් මෙම මල සිරුර සමඟ ගුවන් යානය තුළ ගමන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් Qatar Airways ප්‍රකාශ කළේ අදාළ සිදුවීම නිසා සිදුවූ අපහසුතාවයට සමාව ඉල්ලා සිටින බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »