Search

ගෑස් කැණීම් ව්‍යාපෘතියකට වික්ටෝරියානුවන්ගෙන් දැඩි විරෝධයක්

ගෑස් කැණීම් ව්‍යාපෘතියකට අනුමැතිය දීම සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රජාවෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

වික්ටෝරියා හි බටහිර වෙරළට ඔබ්බෙන් ගෑස් කැණීම් කටයුතු ආරම්භ කිරීමට කොනොකෝ ෆිලිප්ස් ආයතනයට පසුගියදා අනුමැතිය හිමි වුණා.

මෙම ව්‍යාපෘතිය මගින් තල්මසුන් ද දැඩි තර්ජනයකට ලක්වන බවයි ඔවුන්ගේ චෝදනාව වන්නේ.

එමෙන්ම කැණීම්වලදී විශාල භූ කම්පන ඇති වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

වික්ටෝරියාහි ශීත කාලගුණය පුරා ම ගෑස් සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර ඔස්ට්‍රේලියා බලශක්ති වෙළඳපොළ ක්‍රියාකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ලබන වසර වනවිට ගෑස් සැපයුම අඩු වනු ඇති බවයි.

මේ හේතුවෙන් විදුලි බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් වික්ටෝරියා රජය විද්‍යුත් කෝෂ ඇතුළු විදුලි ගබඩා කිරීම් මෙන්ම සූර්ය සහ සුළං බලශක්ති ව්‍යාපෘතිවලට නැඹුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »