
වික්ටෝරියා ප්‍රාන්ත රජය ඇප මත සිටින යොවුන් වියේ පසුවන අපරාධකරුවන් ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.
ඒ අනුව ඔවුන් නැවත උසස් පාසල් වෙත ඇතුලත් කිරීමේදී වළලුකරෙ හි පළදින නිරීක්ෂණ උපකරණයක් (Ankle Bracelets) පැළදීමට ඉදිරියේදී සිදුවනු ඇති.
Enhance Bail Supervision and Support වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.

එම සැලසුම සදහා උසස් පාසල් යන වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදා ගැනීමට අපේක්ෂා කරන අතර ඔවුන් ඒ සදහා සුදුසුද යන වග උසාවි විනිසුරුවරයෙකු තහවුරු කිරීම අනිවාර්යයි.
කෙසේ වෙතත් එම තක්සේරු කිරීමේ ක්‍රියාවලිය තවමත් නිල වශයෙන් ආරම්භ කර නැහැ.

ඒ හේතුවෙන් මෙම පිරිසෙන් කොපමණ ප්‍රමාණයක් Ankle Bracelets පැළද උසස් පාසල වෙත පැමිණේවිද යනවග තහවුරු කළ නොහැකි බවයි දැක්වෙන්නේ.
පසුගිය මාස 12 ක කාලසීමාව තුළ තරුණයන් විසින් සිදු කරන ලද අපරාධ ක්‍රියාකාරකම්වල සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ද වැඩිදුරටත් සදහන්.