
ලොව දුර්ලභම ඛණිජ සංචිත වැඩිම ප්‍රමාණයක් ඇති රටවල් අතර ඔස්ට්‍රේලියාවට 06 වන ස්ථානය හිමි වී තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ඇති ඛණිජ සම්පත් සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 4.2 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.
මේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සහ Mineral Commodity Summaries දත්ත වාර්තා පදනම් කරගෙනයි.

මෙහි පළමු ස්ථානය චීනය වෙත හිමිව ඇති අතර චීනයේ ඛණිජ සම්පත් සංචිත මෙට්‍රික් ටොන් මිලියන 44 ක් පවතින බවටයි හදුනාගෙන ඇත්තේ.
ඛණිජ සම්පත් සංචිත මෙට්‍රික් ටොන් මිලියන 22 ක් සහිත වියට්නාමයට මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි වී තිබෙනවා.

බ්‍රසීලය තුළ ඛණිජ සම්පත් සංචිත මෙට්‍රික් ටොන් මිලියන 21 ක් ද රුසියාව තුළ ඛණිජ සම්පත් මෙට්‍රික් ටොන් මිලියන 19 ක් ද පවතින බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
ඉන්දියාව තුළ පවතින ඛණිජ සම්පත් සංචිත ප්‍රමාණය මිලියන 6.9 ක් බව ද එහි වැඩිදුරටත් සදහන්.