Search

ඉංග්‍රීසි භාෂාව නිළ රාජ්‍ය භාෂාව කිරීමට ට්‍රම්ප් සැරසෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව ලෙස නම් කිරීමේ විධානයක් නිකුත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වනවා.

ධවල මන්දිරය සිදුකළ නිවේදනයකට අනුව මෙමගින් ෆෙඩරල් අරමුදල් ලබා ගන්නා රාජ්‍ය ආයතන හා සංවිධානවල ලේඛන සහ සේවාවන් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකෙරෙනු ඇති.

රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි භාෂාව ලෙස නම් කිරීමට හිටපු ජනධිපති බිල් ක්ලින්ටන් විසින් සංශෝදනය කිරීම මගින් ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට ද රැකියාවල නියුතුවීමට වැඩි ඉඩකඩක් හිමිවුණා.
ධවල මන්දිර වාර්තා පවසන්නේ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නම් කිරීමෙන් සමගිය ප්‍රවර්ධනය වනවා මෙන්ම මෙහෙයුම් කාර්යකෂම වනු ඇති බවයි.

මේ වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30 කට වැඩි සංඛ්‍යාවක් ඉංග්‍රීසි භාෂාව නිළ භාෂාව ලෙස සම්මත කරගෙන තිබෙනවා.

පසුගිය මාසයේ ජනාධිපති ට්‍රම්ප්ගේ දිව්රුම්දීමෙන් පැය කිහිපයක් ඇතුලත ධවල මන්දිර නිළ වෙබ් අඩවියේ ස්පාඤ්ඤ භාෂා අනුවාදය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »