
සාපරාධී ලෙස ජනතාව නොමඟ යැවීමේ චෝදනාව මත ඔස්ට්‍රේලියා රක්ෂණ සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක් නියම කර තිබෙනවා.
ගණුදෙණුකරුවන්ට සිය ප්‍රතිලාභ ලබානොදීම අලියාන්ස් ඔස්ට්‍රේලියා රක්ෂණ සමාගමට එරෙහි චෝදනාව වනු ඇති.
2016 සහ 2018 වසර වල ගණුදෙණුකරුවන් පිරිසකට සංචාරක රක්ෂණයේ ස්වභාවය පිළිබඳ වැරදි අර්ථ නිරූපණයක් කිරීම සම්බන්ධයෙන් අලියාන්ස්ට එරෙහිව 2022 වසරේදී පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව අලියාන්ස්ට ඩොලර් මිලියන 13.5 ක දඩයක් නියම කළ අතර එහි AWP නියෝජිතයාට ඩොලර් මිලියන 3.3 ක දඩයක් ගෙවන ලෙස ද ඊයේ නියෝග කරනු ලැබුවා.
අලියාන්ස් රක්ෂණ සමාගම විසින් AWP ආයතනය එහි නියෝජිතයා ලෙස පත්කර ඇති අතර සංචාරක රක්ෂණ සේවාවන් හි නියෝජිතයා ලෙස බලය ද පවරා තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුුරුවරයා විසිනුයි අලියාන්ස් රක්ෂණ සමාගමට එරෙහි මෙම දඩ මුදල් නියම කර ඇත්තේ.