
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්වය යළිත් අයහපත් අතට හැරී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තවමත් පාප් වහන්සේට හුස්ම ගැනීමේ අපහසුතා පවතින බවටයි වතිකානුව විසින් නිවේදනය කර ඇත්තේ.
ඒ හේතුවෙන් උන්වහන්සේ වෙත කෘත්‍රීමව ඔක්සිජන් ලබාදෙමින් පවතිනවා.

කෙසේ වෙතත් පාප් වහන්සේගේ වර්තමාන සෞඛ්‍ය තත්වය නිශ්චිතව නිර්ණය කිරීමට පැය 24 ක් හෝ 48 ක් ගතවනු ඇති බවටයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය 14 වනදා රෝමයේ ගැමේලි රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
