Search

බාධක මැද ඔස්ට්‍රේලියාවට Semi Final වරම්

ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ ඊයේ (28) ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතරමග නවතා දැමීමට තීරණය කිරීමත් සමඟයි.

ලාහෝර් හීදී ආරම්භ වූ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 273 ක් රැස් කළා.

ලකුණු 274 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 109 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

වර්ෂාව හේතුවෙන් තරඟය විසදුමකින් තොරව අවසන් වීමත් සමඟ ඔස්ට්‍රේලියාවට ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව උදා වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට ප්‍රසාද ලකුණු 04 ක් හිමි වී තිබෙනවා.

මෙවර ඔස්ට්‍රේලියා සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඉවත් වී තිබූ පසුබිමක ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම විශ්මයජනක බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

පැට් කමින්ස්, ජෝශ් හේසල්වුඩ්, මිචෙල් ස්ටාර්ක්, මාක්ස් ස්ටොයිනිස්, මිචෙල් මාෂ් වැනි ප්‍රබලයින් රැසක් මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »