Search

වික්ටෝරියා හි ජනප්‍රිය දිවා ආහාර වර්ගයක් යළි කැඳවයි

වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටි කෝල්ස් වෙළදසැල්වල අලෙවි කළ ජනප්‍රිය දිවා අහාරයක් යළි කැදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ආසාත්මිකතා හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මෙලෙස යළි කැදවීමට තීරණය කර ඇත්තේ Coles Kitchen Chicken and Salad Sandwich (194g) නම් දිවා ආහාර වර්ගයයි.

මේවා පෙබරවාරි 27 සහ 28 යන දෙදින තුළ ප්‍රාන්තය පුරා පිහිටි Coles වෙළදසැල්වලින් මිළදී ගැනීමට අවකාශය හිමි වී තිබුණු බවයි දැක්වෙන්නේ.

විශේෂයෙන් කිරි වර්ග හේතුවෙන් ආසත්මිකතා ඇතිවන පුද්ගලයන්ට මේවා ආහරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

දකුණු මෙල්බන්, ග්ලෙන්ෆෙරී, කැම්බර්වෙල්, දකුණු බැල්වින්, ෆිට්ස්රෝයි, බ්‍රයිටන්, සෙන්ට් කිල්ඩා, ටෝරාක් ඇතුලු කලාපවල පිහිටි Coles සුපිරි වෙළදසැල්වල මෙම ආහාර වර්ගය අලෙවි කර තිබෙන බවයි දැක්වෙන්නේ.

ඔබත් මෙම නිෂ්පාදනය මිළදී ගත් පාරිභෝගිකයෙක් නම් ළගම පිහිටි Coles වෙළදසැලට ඒවා භාරදී නැවත මුදල් ලබාගන්න ලෙසට වෙළදසැල් පාලනාධිකාරිය පරිභෝගිකයන් වෙත දැනුම් දී තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »