
මැතිවරණ පොරොන්දුවක් ලෙස බියර් බද්ද අත්හිටුවීමට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.
පවතින උද්ධමනය හමුවේ වසරකට දෙවතාවක් ම බියර් මත බදු පැනවීම සිදුවුණා.
ඒ පසුගිය අගෝස්තු සහ පෙබරවාරි මාසවලදීයි.

ඒ අනුව ඉදිරි වසර දෙකක් සඳහා බියර්, සුරාබදු වලින් නිදහස් කරන බවයි අගමැතිවරයාගේ පොරොන්දුව වී ඇත්තේ.
එමගින් බියර් පානය කරන්නන් මෙන්ම ව්‍යාපාරකයින්ට ද යම් සහනයක් ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යාපාර දියුණු කිරීමට රජය සහය විය යුතු බවයි ඇන්තනී ඇල්බනීස් වැඩිදුරටත් කියාසිටියේ.