
මෙල්බන් හි යෞවනයන් සිදුකරන අපරාධ දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා.
ඊයේ පිහි ඇනුමක් සිදුකර පළාගිය දැරියක මෙල්බන් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගැණුනා.
මෙල්බන් වෙළඳ මධ්‍යස්ථානයක දී 14 හැවිරිදි දැරියකට සහ තවත් අයෙකුට පිහියෙන් ඇණ පළායාම ඇයට එරෙහි චෝදනාවයි.

වෙළඳ සංකීර්ණයේදී දැරියන් දෙදෙනා ආරවුලක් ඇතිකර ගෙන ඇති අතර එය බේරීමට තැත්කළ එහි ආරක්ෂක නිලධාරියා ද පිහි ඇනුමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
19 හැවිරිදි මෙම තරුණයා සහ පිහි ඇනුමට ලක්වූ දැරිය බරපතල තුවාල සහිතව තවදුරටත් රෝහල්ගතව සිටින බව පොලීසිය පැවසුවා.

17 හැවිරිදි පිහි ඇනුම සිදුකළ දැරිය ඉදිරියේදී ළමා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.