
නව තානාපතිවරයෙකු සහ මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා ලෙස වයි.කේ.ගුණසේකර පත් කිරිමට නිර්දේශ ලැබුණු බවයි රජය කියාසිටියේ.
එමෙන්ම බහරේන් හි ශ්‍රී ලංකා තානාපතිවරයා බවට පත්කරනු ලබන්නේ එස්.එස්.දිසානායක යි.

ජනාධිපතිවරයා ඉදිරියේ නිළ වශයෙන් පත්වීම් භාරදීම පසුව සිදුවනු ඇති.
මේ අතර ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් රැසක් පසුගිය නොවැම්බරයේ යළි දිවයිනට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත්තා.
