Search

තාක්ෂණික දැවැන්තයෙකු වන Skype විශ්‍රාම යයි.

වීඩියෝ ඇමතුම් සේවාවේ පෙරළියක් කර Skype සිය සේවාව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් 2011 වසරේදී Skype මිලට ගනු ලැබුයේ ඩොලර් බිලියන 8.5 කට යි.

 සමාගම පැවසුවේ මැයි මාසයේදී Skype විශ්‍රාම ගන්නා අතර එහි සමහර සේවාවන් මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) වෙත මාරුකරන බවයි.

 ස්කයිප් පරිශීලකයන්ට තම ගිණුම හරහා Microsoft Teams  වෙත මාරු විය හැකි බවද ඔවුන් කියාසිටියා.

 2003 වසරේ එස්තෝනියාවේ තැලින් හි ඉංජිනේරුවන් පිරිසක් විසින් Skype ආරම්භ කරනු ලැබුවා.

 එහිදී ස්ථාවර දුරකථන (landlines) වෙනුවට අන්තර්ජාලය ඔස්සේ ඇමතුම් ලබාගත හැකි පුරෝගාමියා ලෙස Skype කටයුතු කළා.

පසුව 2005 වසරේ eBay ආයතනය Skype මිලට ගැනීමෙන් අනතුරුව එය වීඩියෝ ඇමතුම් සේවාවක් ලෙස වැඩිදියුණු කර තිබෙනවා.

2011 වසරේදී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් eBay මගින් Skype මිලට ගන්නා අවස්ථාවේදී පරිශීලකයන් මිලියන 170 ක් සිටි බවයි ඔවුන් සඳහන් කළේ.

Zoom වැනි නව වීඩියෝ තාක්ෂණයන් මෙන්ම කොවිඩ් 19 වසංගතය හමුවේ  Skype පරිශීලකයන් ක්‍රමයෙන් අඩුවීම මෙම තීරණයට හේතුව බව මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කළා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »