
දිනකට වැඩි කාලයක් ඩිජිටල් තිර වෙත යොමුවීම පුද්ගල මානසික සෞඛ්‍යට බලපෑම් කරන බව නවතව අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
එය මොළයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මානසික අවපීඩනයට සෘජුව බලපෑම් කරන බවයි වාර්තා වන්නේ.
කුඩා ළමුන් මෙලෙස වැඩි කාලයක් ඩිජිටල් තිර වෙත යොමුවීමෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යට වැඩි බලපෑම් එල්ල කරන බව සදහන්.

අවම වශයෙන් නින්දට පැය දෙකකට පෙර දුරකතන හෝ ඩිජිටල් තිර භාවිතයෙන් වැලකීසිටීම වඩාත් සුදුසු වනු ඇති.
ඩිජිටල් තිර වලින් නිකුත් වන නිල් ආලෝකය නින්ද සදහා බලපාන මෙලටොනින් හෝමෝනය නිෂ්පාදනයට බාධා ඇතිකරන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

බොහෝ දෙනෙකු තම විවේකී කාලය දුරකතනය සමග ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වන අතර එය මානසීක විවේකයට තර්ජනයක් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.