Search

වික්ටෝරියාවේ ජනප්‍රිය සංගීත සැණකෙළියක් අවලංගු වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන් අතර ජනප්‍රිය සංගීත සැණකෙළියක් ලෙස සැළකෙන “Esoteric Music Festival” පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළු රැසක් උද්ගත වී තිබෙනවා.

මෙවර එය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 7 වනදා සිට 11 වනදා දක්වා ඩොනල්ඩ් හීදීයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය හා ආරක්ෂිත ගැටළු මත මෙම සැණකෙළිය අවලංගු කරන ලෙසයි බුලෝක් ෂයර් කවුසිලයේ ප්‍රධාන විධායක වේන් ඕ’ටූල් විසින් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය වර්ෂයේ පැවති මෙම සැණකෙළියට සහභාගී වූ පුද්ගලයන් සිය ගණනකට Shigellosis රෝගී තත්වය වැළදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

වාර්තා වන අන්දමට අවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකුට පමණ මෙම රෝගී තත්වය වැළදී තිබෙනවා.

Shigellosis යනු පාචනය, උණ, ඔක්කාරය, වමනය යාම, බඩේ කැක්කුම වැනි රෝග ලක්ෂණ සහිත රෝගී තත්වයක් බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »