
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගුවන් තොටුපළවල් රැසක පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය තවත් ඩොලර් මිලියන 4.5 ක මුදලක් වෙන් කර තිබෙනවා.
ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන Regional Airport Program හි හතරවන අදියර යටතේ මෙම අරමුදල් වෙන් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම වැඩසටහනේ පළමු අදියර තුන සදහා දැනටමත් ඩොලර් මිලියන 100 කට අධික මුදලක් ලබා දී තිබෙනවා.

ඒ යටතේ ව්‍යාපෘති 194 කට පමණ මූල්‍යමය දායකත්වයක් ලැබී ඇති බවයි දැක්වෙන්නේ.
මෙහි හතරවන අදියර යටතේ මිල්දුරා ගුවන් තොටුපළ වෙත ඩොලර් මිලියන 1.9 ක මුදලක් ද Maryborough ගුවන් තොටුපළ වෙත ඩොලර් 210,000 ක මුදලක් ද හිමි වනවා.

යාරාවොංගා සහ Warrnambool යන ගුවන් තොටුපළවල් සදහාද මේ යටතේ පිළිවෙලින් ඩොලර් 138,463 ක් ද ඩොලර් 185,995 ක් ද මූල්‍ය ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.