
දින පහක් පමණ වැඩි වශයෙන් ආහාර ගැනීම තුළින් වැරදි ආහාර රටාවන් කෙරෙහි මිනිස් මොළය තුළ ආශාවන් වර්ධනය වන බවට නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.
මෙම අධ්‍යයනය සදහා වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන නිරෝගී පිරිමි පුද්ගලයන් 29 දෙනෙකු සහභාගී කරවාගෙන තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව චොක්ලට් බාර්, බ්‍රව්නීස්, චිප්ස් වැනි අධික කැලරි ප්‍රමාණය අඩංගු සකස් කරන ලද ආහාර වර්ග (Ultra – Processed Foods) දින පහක් පුරාවට ඔවුන්ට ආහාරය සදහා ලබා දී තිබෙනවා.

අධික කැලරි ප්‍රමාණයක් සහිත ආහාර වේලක් අනුභව කිරීමෙන් පසුව මොළයට සිදුවන බලපෑම පර්යේෂකයින් අධ්‍යයනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පර්යේෂණ ප්‍රතිඵල ඔස්සේ අනාවරණය වී ඇත්තේ කෙටි ආහාර වර්ග අධික ලෙස ආහාරයට ගැනීම තුළින් අක්මාවේ මේදය තැන්පත් වන බවත් ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයට බාධාවන් ඇතිවන බවයි.

ඒ හරහා මොළයේ ක්‍රියාකාරීත්වයට විශාල බලපෑමක් එල්ල කරන බව ද හදුනාගෙන තිබෙනවා.
ආහාර සම්බන්ධ විශේෂඥයෙකු වන ජෙමා ඕ’ හැන්ලන් විසින් ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර වේල තුළ සියයට 42 ක් පමණ සකස් කරන ලද ආහාර (Ultra Processed Foods) අඩංගු වන බවයි.
නිරතුරුව එවැනි ආහාර ලබා ගැනීම තුළින් ඒවාට ඇබ්බැහි විය හැකි බව ද වැඩිදුරටත් සදහන් වනවා.