Search

වික්ටෝරියාවේ විදෙස් සිසුන්ගේ අධ්‍යාපන ගාස්තු ගැන අලුත්ම අනාවරණයක්

2024 වසරේ වික්ටෝරියාවේ පාසල්වල අධ්‍යාපනය හදාරන විදේශීය සිසුන්ගේ පූර්ණකාලීන පාඨමාලා ගාස්තු ගෙවීම් ඉහළ ගොස් ඇතැයි වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශය විසිනුයි මෙම දත්ත වාර්තාව නිකුත්කර ඇත්තේ.

ඒ අනුව 2023 වසරේ සිට 2024 දක්වා විදේශීය සිසුන්ගේ පූර්ණකාලීන පාඨමාලා ගාස්තු ගෙවීම සියයට 27.5 කින් ඉහළ ගොස් ඇතැයි එම දත්ත වල දැක්වෙනවා.

ඔස්ට්‍රේලියාවේ පාසල්වල සිටින සමස්ත විදේශීය සිසුන්ගේ පූර්ණකාලීන පාඨමාලා ගාස්තු ගෙවීම් ද 2023 වසරට සාපේක්ෂව සියයට 23.4 කින් වැඩි වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශය පවසනවා.

2019 වසරේදී පූර්ණකාලීන පාඨමාලා ගාස්තු ගෙවු විදේශීය පාසල් සිසුන්ගේ සංඛ්‍යාව 26,593 ක් වන අතර 2022 වසරේදී එය 15,461 ක් දක්වා සියයට 41.9 කින් පහත වැටුණා.

COVID-19 වසංගතය හමුවේ පැවති තත්වය ඊට හේතුවූ අතර මේ වනවිට එය යථාතත්වයට පත්වෙමින් ඇති බවයි සංඛ්‍යාලේඛන ප්‍රධානී මෙල් ප්ලම්බ් කියාසිටියේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »