Search

ඖෂධීය කංසා භාවිත කරන වික්ටෝරියානුවන්ට සුබ ආරංචියක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ඖෂධීය කංසා (Medical Cannabis) භාවිත කරන රෝගීන්ට විශේෂ සහනයක් හිමි වී තීබෙනවා.

ඒ අනුව අද (01) සිට රෝගී තත්වයන් සදහා ඖෂධීය කංසා ලබා ගන්න වික්ටෝරියානුවන්ගේ රියදුරු බලපත්‍ර ස්වයංක්‍රීයව අවලංගු වීමක් සිදු නොවනු ඇති.

මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමේ වරද යටතේ මෙම රෝගීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමක් ද ඉදිරියේදී සිදු වන්නේ නැහැ.

වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව මෙම නීති සංශෝධනය කිරීම සිදු කර ඇත්තේ 2024 වර්ෂයේ නොවැම්බර් 19 වනදායි.

ඒ යටතේ 1986 මාර්ග ආරක්ෂණ පනත සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රිය පැදවීමේ දී සාක්ෂි වශයෙන් බෙහෙත් වට්ටෝරු රැගෙන යන ලෙස රෝගීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

Cannabis Club Australia හි ප්‍රකාශක මාර්ක් හච්සන් විසින් අවධාරණය කළේ මෙය වික්ටෝරියාවේ ඖෂධීය කංසා භාවිත කරන රෝගීන් වෙනුවෙන් ගනු ලැබූ වැදගත් පියවරක් වන බවයි.