Search

ඇල්බනීස්ගේ Solar පොරොන්දුව

නිව් සවුත්වේල්ස් හි මහල් නිවාසවල සූර්ය බලශක්ති ස්ථාපනයට ඩොලර් මිලියන 25 ක් වෙන්කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමගින් මහල් නිවාස හිමියන්ට වාර්ෂික විදුලි බිල්පතෙන් ඩොලර් 600 ක් ඉතිරි කර ගත හැකි බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසන්නේ.

මැතිවරණ ප්‍රචාරණයක් අතරතුරදී ඇල්බනීස් කියාසිටියේ මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවගේ වියදම් අඩුවනවා මෙන්ම වායු විමෝචනයෙන් සිදුවන පරිසර හානිය ද අවම වන බවයි.

NSW නිවාස පහෙන් එකක් මහල් නිවාස වන නමුත් සූරිය බලශක්තිය ඇත්තේ ඉන් සියයට 3.5 ක පමණයි.

සිය රජය යටතේ ඔස්ට්‍රේලියාවේ පුනර්ජීවන බලශක්තිය සියයට 46 ක් නිපදවා ඇති බවද ඔස්ට්‍රේලියා අගමැතිවරයා වැඩිදුරටත් කියාසිටියා.

මෙහිදී විපක්ෂ නායක පීටර් ඩටන්ගේ ඩොලර් මිලියන 331 ක න්‍යෂ්ටික බලශක්ති සැලසුම ද ඇන්තනී ඇල්බනීස් විසින් විවේචනය කරනු ලැබුවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »