Search

පෙබරවාරි අවසන් වනවිට ඔස්ට්‍රේලියා $ අගය යළිත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 28) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189 කට ආසන්න වී තිබෙනවා.

එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 188 යි ශත 30 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 179 යි ශත 01 ක් ලෙසයි.

ඒ අනුව පෙබරවාරි 28 වනදා අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 299 යි ශත 73 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 291 යි ශත 19 ක් වනවා.

ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 188 ක් වු අතර මේ වන විට එහි යම් පහළ යෑමක් සිදුවෙමින් පවතින බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 313 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 300.58 ක් ලෙසයි.