Search

වික්ටෝරියා පොලිසියේ වැටුප් ආරවුල අදින් අවසන්

වික්ටෝරියා පොලිස් නිළධාරීන් සහ රජය අතර තිබූ වැටුප් ආරවුල අදින් අවසන් වී තිබෙනවා.

වික්ටෝරියා පොලිස් සංගමයේ සාමාජිකයින් දහසය දහසක් පමණ වැටුප් ගිවිසුමට එකඟතාව පළ කර ඇති බවයි මාධ්‍ය වාර්තා කියාසිටින්නේ.

වැටුප් සියයට 16 කින් ඉහළ නැංවීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය වසරේ වික්ටෝරියා පොලිස් නිළධාරීන් වැඩවර්ජනයක් ද සිදුකළා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට වසර 4 ක් සඳහා වාර්ෂිකව සියයට 5 කින් ද අනෙක් නිළධාරීන්ට සෑම වසරකම සියයට 4.5 කින් ද වැටුප් වැඩිකිරීමට වික්ටෝරියා රජය පියවර ගෙන තිබෙනවා.

ගිවිසුමට කැමැත්ත පළකරමින් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් සියයට 75 ක් පමණ අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මාස 18 ක කාලසීමාවක් තුළ වික්ටෝරියා පොලීසිය සහ ප්‍රාන්ත රජය අතර පැවති වැටුප් විෂමතා සම්බන්ධ ගැටළුව මේ වනවිට අවසන් වී ඇති බවයි වික්ටෝරියා පොලිස් සංගමය ප්‍රකාශ කළේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »