
ඊයේ (27) දිනුම් ඇදි PowerBall දිනුම් වාරයෙන් මෙල්බන් හි පොයින්ට් කුක් ප්‍රදේශයේ යුවලක් ඩොලර් මිලියන 30 ක මුදල් ත්‍යාගයක් දිනාගෙන තිබෙනවා.
ඔවුන් මෙම සුවිසල් ත්‍යාග මුදල ජයග්‍රහණය කර ඇත්තේ PowerBall හි 1502 වන දිනුම් වාරයේදීයි.
රාත්‍රී නින්දේදී දුටු සිහිනයක් පදනම් කරගනිමිනුයි ඔවුන් මෙම අංක සහිත ලොතරැයිපත මිලදී ගෙන ඇත්තේ.

එම සිහිනයෙන් 1, 7, 11 සහ 22 ඇතුලු අංක කිහිපයක් පෙන්නුම් කළ බවත් සිහිනයෙන් දුටු ඉතිරි අංක පිළිබඳව තමන්ට අමතක බවද ජයග්‍රාහකයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මෙම යුවල ජයග්‍රහණය කර ඇති සමස්ත ත්‍යාග මුදල ඩොලර් 30,440,758.20 ක් බවයි දැක්වෙන්නේ.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කළ ලොතරැයි සංවිධායකයින් ට ඔහු ස්තූති කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන් වනවා.