Search

ලොව දැවැන්තයින් පරදා Temu අංක 01 ට

පසුගිය වසරේදී ලොව පුරා වැඩිම පරිශීලකයන් පිරිසක් Download කළ Shopping App එක බවට Temu පත්ව තිබෙනවා.

චීන බහු ජාතික සමාගමක් වන PPD Holdings හි හිමිකාරීත්වය යටතේ පවතින Temu හි නිර්මාතෘවරයා වන්නේ බිලියනපති ව්‍යාපාරික කොලින් හුවාං බවයි දැක්වෙන්නේ.

Temu, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය සහ ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් 80 කට වැඩි ප්‍රමාණයක සාර්ථකව ක්‍රියාත්මක වනවා.

ඒ හරහා ඇඳුම් පැළදුම්, ගෘහ භාණ්ඩ ඉලෙක්ට්‍රොනික උපාංග වැනි කාණ්ඩ රැසක නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සාධාරණ මුදලකට පාරිභෝගිකයන්ට මිලදී ගත හැකියි.

ඔවුන් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් පුළුල් ප්‍රචාරණයන් ද සිදු කරනවා.

Temu හි විශාලතම වෙළදපොළ ලෙස සැළකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

කෙසේ වෙතත් ඉන්දුනීසියාව තුළ මෙම ඇප්ලිකේෂනය තහනම් කිරීම හේතුවෙන් සමාගමට සිදු වූ පාඩුව ඔස්ට්‍රේලියා ඩොලර් බිලයන 128 ක් පමණ වන බව ද වැඩිදුරටත් සදහන් වනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »