Search

ඔස්ට්‍රේලියා දැවැන්ත කැසිනෝ සමාගමක් වැසෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ දැවැන්ත කැසිනෝ ව්‍යාපාරයක් මූල්‍ය අර්බුදයකට ලක්ව සිටිනවා.

ද ස්ටාර් නම් කැසිනෝ සමාගම සිය අර්ධ වාර්ෂික මූල්‍ය ප්‍රතිඵල පෙන්වීමට අපොහොසත්වීම හේතුවෙන් පසුගියදා ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපොළ තුළ තාවකාලික වෙළඳ නැවතුමක් සිදුකරනු ලැබුවා.

ද ස්ටාර් (The star) සමාගම බංකොලොත්භාවයට ලක්වීම පිළිබඳව මීට පෙරද ඔස්ට්‍රේලියා බලධාරීන් අනතුරු අඟවා තිබුණා.

සිඩ්නි, බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට් නගරවල ද ස්ටාර් සමාගමේ ශාඛා පවත්වාගෙන යනු ලබනවා.

සමාගම තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව ස්ථිර තීරණයක් තවමත් ගෙන නොමැති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියා සුරැකුම්පත් හුවමාරු ආයතනයේ නීතිවලට අනුව අද දින The star සමාගමේ මූල්‍ය තත්වය  හෙළිනොකරන්නේ නම් ලබන සඳුදා සිට සමාගමේ කොටස් වෙළඳාම ස්වයංක්‍රීයව අත්හිටු වනු ඇති.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »