Search

සරම්ප රෝගයෙන් පරිස්සම්වන්න – වික්ටෝරියාවෙන් ඉල්ලයි

වික්ටෝරියාවට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.

ඒ මෙල්බන් නගරයෙන් සරම්ප රෝගීන් දෙදෙනෙකු වාර්තාවීමත් සමගයි.

මොවුන් කිසිදු විදේශ සංචාරයකට ගොස් නොමැති බැවින් සරම්ප රෝගය මේ වනවිට සමාජය තුළ බෝවීමේ අවදානමක් පවතින බව වික්ටෝරියා සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කළා.

මේ වසරේ මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ සරම්‍ රෝගීන් 8 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

වසංගතය බෝවී පැය 24 ක් යන්නට පෙර වේදනාව මතුවන අතර බිබිලි මතුවන්නේ දින 4 කට පසුවයි.

මෙය කොවිඩ් 19 රෝග ලක්ෂණ වලට සමාන වන අතර දරුවන් මෙන්ම ප්‍රතිශක්තිකරණය අඩු වැඩිහිටියන්ට සරම්ප සෑදීමෙන් දරුණු රෝග ලක්ෂණ මතුවන බවයි වික්ටෝරියා වෛද්‍ය අංශ කියාසිටියේ.