Search

ඇපල් දුරකථනවලට තවත් අලුත් විශේෂාංග රැසක්

කුඩා දරුවන්ට දුරකථන භාවිතය තවත් ආරක්ෂා කිරීම සඳහා ඇපල් සමාගම විසින් නව විධිවිධාන රැසක් හඳුන්වා දී තිබෙනවා.

මෙහිදී පරිශීලකයන් භාවිත කරන ඇප් මගින් වයස තීරණය කර parental control system සඳහා නව වෙනස්කම් රැසක් හඳුන්වා දීමට නියමිතයි.

ඒ සඳහා සාමාන්‍යයෙන් දුරකථනයට ඇතුලත් කරන උපන් දිනය වැනි පෞද්ගලික තොරතුරු ඇපල් දුරකථන සඳහා ඇතුලත් කිරීමට අවශ්‍ය නොවීම විශේෂත්වයක්.

“Helping Protect Kids Online” නම් දරුවන් මාර්ගත ක්‍රමයෙන් ආරක්ෂා කිරීමට ඇපල් සමාගමේ නව පද්ධතිවල මූලික අරමුණ බවයි නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියාසිටියේ.

මෙම නිර්මාණයෙන් දත්ත පාලනය කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන බව ද දෙමාපියන්ගේ තීරණ මත පමණක් දරුවන්ගේ වයස් මට්ටම් පිළිබඳ දත්ත ඇතුලත් කළ හැකි බවද සමාගම සහතික වනු ඇති.

මෙම වෙනස්කම් මගින් ඇතැම් වයස් කාණ්ඩවල දරුවන්ට ඇතැම් යෙදුම් භාවිත කිරීම සීමාකර ඇති අතර මෙය ඔස්ට්‍රේලියාවට පමණක් නොව ලොව අනෙකුත් රටවලට ද දැන් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බවයි ඇපල් සමාගම පවසන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »