කොරෝනා නිසා ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් IPL හැර යයි / ඔක්සිජන් ගන්න පැට් කමින්ස්ගෙන් ඩොලර් 50,000 ක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 04 දෙනෙකු පෞද්ගලික හේතූන් මත ඉන් ඉවත් වී සිය රට බලා යාමට තීරණය කර තිබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමේ ඇඩම් සම්පා සහ කේන් රිචඩ්සන් මෙන්ම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ඇන්ඩෘ ටයි මෙලෙස අයි.පී.එල්. තරගාවලින් ඉවත් වන බව නිවේදනය කළා.

ඉන්දියාවේ සිට පැමිණෙන්නන්ට පර්ත් නුවර ඇතුළු බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය දැඩි සීමාවන් පැනවීම තමා එලෙස ඉවත්වීමට හේතුවක් ලෙස ඇන්ඩෘ ටයි පසුව කියා සිටියා.

කෙසේ නමුත් කොල්කටා නයිට්රයිඩර්ස් පිළ නියෝජනය කරන ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක පැට් කමින්ස් තරගාවලියේ තවදුරටත් රැදී සිටීමට තීරණය කළේ කොරෝනා ප්‍රතිකාර සඳහා ඔක්සිජන් සැපයීමේ අගමැති අරමුදලට ඇමරිකානු ඩොලර් 50,000ක් ද පරිත්‍යාග කරමින්.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ද තරගාවලියෙන් ඉවත්වීමත් සමඟ අයි.පී.එල්. සංවිධායකයන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ කවුරුන් එලෙස නික්ම ගිය ද අයි.පී.එල්. තරගාවලිය ඒ ආකාරයෙන්ම පැවැත්වෙන බවයි.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »