Search

ඔස්ට්‍රේලියාවේ අලුත් බබාලට දෙන අලුත් එන්නත

ඔස්ට්‍රේලියාවේ කුඩා දරුවන් ශ්වසන රෝග හේතුවෙන් රෝහල් ගතකිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

මේ හේතුවෙන්  අලුත උපන් බිළිඳුන්ට ශ්වසන රෝග සඳහා නොමිලේ එන්නතක් ලබා දීමේ නව වැඩපිළිවෙලක් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ද මෙලෙස නව දරු උපත් සඳහා නව ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබුණා.

බීෆෝටස් (Beyfortus) නමින් හඳුන්වනු ලබන එන්නතක් මෙලෙස කුඩා දරුවන් සඳහා ලබා දීමට චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇති බව ද සඳහන්.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියාව ළදරුවන්ට එන්නත් ලබා දුන් පළමු අධිකරණ බල ප්‍රදේශය බවට පත්ව තිබෙනවා.

මාස 8ට අඩු දරුවන් සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇති අතර එම කාලය තුළ ළදරුවන් 70000ක් පමණ එන්නත සඳහා සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂා කරනවා.

 

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »