Search

වික්ටෝරියාවේ නිවාස අර්බුදය විසදන්න තවත් ගෙවල් ලක්ෂ 03 ක්

වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙල්බන් හි තවත් ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

එහිදී ට්‍රෑම් සහ දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි නව නිවාස ඉදිකිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියානුවන් වෙත දැරිය හැකි මුදලකට නිවාස ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රදේශ 25 ක් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව දැනට උසින් වැඩි මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම හා සංවර්ධනය වෙනුවෙන් ස්ථාන 60 ක් පමණ හදුනාගෙන ඇති බවටයි දැක්වෙන්නේ.

මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තය වෙත නව නිවාස 300,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරියේ දී ඉදි වෙනු ඇති.

ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ප්‍රකාශ කර ඇත්තේ පොදු ප්‍රවාහන සේවාවන් හොදින් ක්‍රියාත්මක වන කලාප ආවරණය වන පරිදි නව නිවාස ඉදි කළ යුතු බවයි.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »