
TikTok සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීන් විසින් පළ කරන වීඩියෝ සහ Posts හරහා වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධ වැරදි තොරතුරු සමාජගත කරන බවට හදුනාගෙන තිබෙනවා.
මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි, Wollongong සහ බොන්ඩ් යන විශ්ව විද්‍යාල ඒකබද්ධවයි.
එහිදී පර්යේෂකයන් 2015 අප්‍රේල් සිට 2024 ජනවාරි දක්වා කාලසීමාව තුළ පරිශීලකයන් මිලියන 194 කට වඩා සිටින සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කර තිබූ Post 982 ක් පමණ අධ්‍යයනය කර තිබෙනවා.

ඊට TikTok හි පළ කරන ලද Posts 485 ක් සහ Instagram හි පළ කරන ලද Posts 497 ක් ද ඇතුලත්.
මෙහිදී අනාවරණය වී ඇත්තේ MRI, Testosterone Test සහ Microbiome Test ඇතුලු වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමෙන් සැලසෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් මෙම සමාජ මාධ්‍ය ගිණුම්වලින් සියයට 81.7 ක් පමණ පෙන්වා දී ඇති බවයි.

අදාළ වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වීම තුළින් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ඉන් සියයට 14.7 ක් සාකච්ඡා කර තිබෙනවා.
අධ්‍යයනය සදහා යොදාගත් සමාජ මාධ්‍ය ගිණුම්වලින් සියයට 6.4 ක් පමණ අදාළ පරීක්ෂණ සම්බන්ධ විද්‍යාත්මක සාධක ඇතුලත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.
මෙලෙස පළ කරන ලද Posts සහ වීඩියෝ හරහා පරිශීලකයන් 50.7 ක් පමණ මෙම වෛද්‍ය පරීක්ෂණ සදහා සහභාගී වීමට දිරිමත් කර තිබෙනවා.
මෙම පර්යේෂණය සදහා යොදාගත් සමාජ මාධ්‍ය ගිණුම්වලින් සියයට 68 ක් පමණ අදාළ වෛද්‍ය පරීක්ෂණ මූල්‍ය වාසි මත පදනම්ව ප්‍රවර්ධනය කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.