Search

මෙල්බන් ජනතාවගේ උකස් ආතතිය ගැන අලුත්ම වාර්තාවක්

ඔස්ට්‍රේලියාව ප්‍රාන්තවල ප්‍රධාන නගර අතුරින් එක් නගරයක් හැර අනෙකුත් සෑම නගරයකම පළමු වරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් උකස් ණය සම්බන්ධයෙන් විශාල ආතතියක සිටින බවට හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව Northern Territory හි ඩාවින් නගරය හැර අනෙත් සෑම අගනුවරකම මෙම තත්වය දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.

එක් එක් පවුල්වල ආදායම අනුව පළමුවරට නිවසක් මිළදී ගැනීමේදී ගෙවීමට සිදුවන උකස් ණය වාරික ප්‍රතිශතය පිළිබඳව Domain දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

මෙහිදී පළමු වරට නිවසක් මිළදී ගෙන ඇති සහ ලබාගත් නිවාස ණය මුදලින් සියයට 20 ක ඉතුරුමක් සහිත වයස අවුරුදු 25 ත් 34 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් පිළිබඳ්ව සලකා බලා තිබෙන බවයි දැක්වෙන්නේ.

වැඩිම උකස් වාරික ණය ප්‍රතිශතයක් සටහන්ව ඇත්තේ සිඩ්නි හී වන අතර එම අගය සියයට 57.6 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙල්බන් සහ බ්‍රිස්බන් හි එම ප්‍රතිශතය පිළිවෙලින් සියයට 42.1 ක් සහ සියයට 46.4 ක් ලෙස සටහන්ව තිබෙන බව ද සදහන්.

අඩුම උකස් වාරික ණය ප්‍රතිශතයක් සටහන් වන්නේ ඩාවින් හී වන අතර එම අගය සියයට 27.7 ක්.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »