Search

Medibank ගනුදෙනුකරුවන්ට ලැබෙන්න යන ඇදහිය නොහැකි වාසිය

Medibank සිය ගනුදෙනුකරුවන් වෙත මෙම වසරේදී ඩොලර් මිලියන 160 ක මුදලක් නැවත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සිය Give – Back වැඩසටහනේ කොටසක් ලෙස බවයි දැක්වෙන්නේ.

මෙහිදී පාරිභෝගිකයන් වෙත ඩොලර් 50 සිට ඩොලර් 255 දක්වා මුදල් ආපසු ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

සුදුසුකම් ලත් extras – only Policies සදහා ඩොලර් 50 ක මුදලක් නැවත ගෙවනු ලබන අතර රෝහල් සහ Extras Policies සදහා ඩොලර් 130 මුදලක් ද නැවත ගනුදෙනුකරුවන් වෙත ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

මෙම වර්ෂයේ සැප්තැම්බර් මස අග වනවිට අදාළ ගෙවීම් ගනුදෙනුකරුවන් වෙත ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Medibank පසුගිය වසරේදී ඩොලර් මිලියන 305 ක් ද 2023 වර්ෂයේදී ඩොලර් බිලියන 443 ක් ද මෙලෙස ගනුදෙනුකරුවන්ට නැවත ලබා දී ඇති බව ද වැඩිදුරටත් සදහන් වනවා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »