
පසුගිය මාස 12 ක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියා රැකියා වෙළදපොළ තුළ විශාල වැටුප් වැඩිවීමේ අගයක් වාර්තා කළ රැකියා ක්ෂේත්‍ර පිළිබඳව නවතම දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
Seek හි දත්ත මත පදනම්වයි මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ.
ඒ අනුව මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය නීති ක්ෂේත්‍රය වෙත හිමි වී ඇති අතර පසුගිය වර්ෂය තුළදී පමණක් නීති වෘත්තිකයන්ගේ සමස්ත වැටුප සියයට 7.8 කින් පමණ වර්ධනය වී තිබෙනවා.

මෙහි දෙවන ස්ථානය දේපළ වෙළදාම් ක්ෂේත්‍රය වෙත ලැබී ඇති අතර වාර්ෂිකව එම ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ සමස්ත වැටුප සියයට 6.2 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි දැක්වෙන්නේ.
වාර්ෂිකව සියයට 5.6 ක වැටුප් ඉහළ යෑමක් වාර්තා වන බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට මෙහිදී හිමිව ඇත්තේ තුන් වන ස්ථානයයි.

රක්ෂණ ක්ෂේත්‍රයේ ද වාර්ෂිකව සියයට 5.6 ක වැටුප් වැඩිවීමක් අත්කර ගෙන තිබීම ද විශේෂත්වයක්.
මීට අමතරව අධ්‍යාපන , රාජ්‍ය සේවා, මානව සම්පත් කලමනාකරණ, ක්‍රීඩා හා විනෝදාස්වාදය, අලෙවිකරණය සහ සන්නිවේදනය මෙන්ම වෙළද සහ සේවා යන ක්ෂේත්‍රවල ද වාර්ෂිකව වැටුප් වැඩිවීම් සිදුවන බව ද වැඩිදුරටත් සදහන්.