
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවල වියදම් පිළිබඳව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (27) විශේෂ අනාවරණයක් සිදු කර තිබෙනවා.
ඒ අද පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරදීයි.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාලසීමාව තුළ විදෙස් සංචාර සදහා රුපියල් මිලියන 3,572 ක මුදලක් වියදම් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 සිට 2029 දක්වා විදෙස් සංචාර සදහා රුපියල් මිලියන 384 ක මුදලක් වැය කර තිබෙන බවයි අග්‍රාමාත්‍යවරිය හෙළිදරව් කර ඇත්තේ.
2020 සහ 2022 අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ විදෙස් සංචාර වෙනුවෙන් රුපියල් මිලියන 126 ක මුදලක් වියදම් කර තිබෙනවා.

මීට අමතරව 2023 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ සිය විදෙස් සංචාර සදහා රුපියල් මිලියන 533 ක මුදලක් වැය කර තිබෙන බවයි දැක්වෙන්නේ.
එමෙන්ම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක සිය විදෙස් සංචාර සදහා මෙතෙක් වැය කර ඇති මුදල් ප්‍රමාණය මිලියන 1.8 ක්.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2010 සිට 2025 දක්වා විදෙස් සංචාර සදහා වැඩිම මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන බවයි.
ඔහු 2013 වර්ෂයේදී පමණක් ඒ සදහා රුපියල් මිලියන 1,144 ක් වියදම් කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරිය සදහන් කර තිබෙනවා.