
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 27) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.
එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 191 යි ශත 14 ක් ලෙසයි.
ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 181 යි ශත 93 ක් ලෙසයි.

ඒ අනුව පෙබරවාරි 27 වනදා අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 299 යි ශත 98 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 291 යි ශත 40 ක් වනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 191 ක් වු අතර මේ වන විට එහි සුළු පහළ යෑමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 315.87 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 303.34 ක් ලෙසයි.