
වසර 20 ක කාලයක් තිස්සේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුවූ වාහන සොරකම් සදහා නවීන තාක්ෂණි මෙවලම් භාවිතා කරන සංවිධානාත්මක අපරාධ කල්ලි රැසක් සම්බන්ධ වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
ප්‍රාන්තය තුළ සිදුවී ඇති සොරකම්වලින් පහෙන් එකක් පමණ පොදු ස්ථානවලදී සිදුවී ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.
එහිදී සොරුන් විසින් නවීන තාක්ෂණ ක්‍රමෝපායන් භාවිත කරන අතර මේවා මාර්ගගත (Online) ක්‍රමවේදය හරහා ඔවුන් මිලදී ගනු ලබනවා.

වික්ටෝරියා පොලීසිය විසින් ප්‍රකාශ කළේ වාහනවල ආරක්ෂාව වැඩිදියුණු කිරීමෙන් පසුව ගතවූ වසර 20 ක කාලසීමාව තුළ මෝටර් රථ සොරකම් තරමක් අඩු වී ඇති බවයි.
කෙසේ වෙතත් 2024 සැප්තැම්බර් මාසය දක්වා ගතවූ මාස 12 ක කාලසීමාව තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන සොරකම් කිරීම් සම්බන්ධ සිදුවීම් 25,773 ක් පමණ වාර්තා වී තිබෙනවා.

පෙර වසරට සාපේක්ෂව ප්‍රාන්තය තුළ සිදුවූ වාහන සොරකම් සම්බන්ධ සිදුවීම් 6,408 කින් වර්ධනය වී තිබෙන බවයි ද වැඩිදුරටත් සදහන්.