
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා උප ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය යාවත්කාලීන කර තිබේ.
- ශිෂ්‍ය වීසා (subclass 500) ඛාණ්ඩයේ වීසා අයදුම්පතක් සලකා බැලීමට දින 69 ත් මාස 4 ත් අතර කාලයක් ගතවේ.
- Temporary Graduate (subclass 485) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය මාස 8 ත් මාස 12 ත් අතර කාලයක් දක්වා දීර්ග වී තිබේ.
- Skilled Independent (subclass 189) වීසා ඛාණ්ඩයේ වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 12 ත් 18 ත් අතර දීර්ග කාලයක් ගතවේ.
එම හේතු වලට අමතරව කොරෝනා වසංගතය නිසා ද ඇතැම් වීසා අයදුම්පත් සලකා බැලීමට සාමාන්‍ය කාලයට වඩා දීර්ග කාලයක් ගත විය හැකි බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය නිවේදනය කර ඇත.
Tourist ඛාණ්ඩයේ (subclass 600) වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 5 ත් 10 ත් අතර කාලයක් ගතවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

එමෙන්ම Sponsored Family ඛාණ්ඩයේ (subclass 600) වීසා අයදුම්පත් සලකා බැලීමට මාස 7 ත් 12 ත් අතර කාලයක් ගතවන බව සඳහන්.