
Qantas ගුවන් සේවය විසින් පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ අර්ධ වාර්ෂික කාල සීමාව තුළ ඩොලර් බිලියන 1.4 කට ආසන්න ලාභයක් උපයා තිබෙනවා.
සංචාරක ක්ෂේත්‍රය තුළ ඇතිවූ වර්ධනය ඒ සදහා ප්‍රධාන සාධකයක් බවට පත්වූ බවයි Qantas හි ප්‍රකාශකයෙකු පෙන්වා දී ඇත්තේ.
බදු ගෙවීමේ කටයුතුවලට පෙර සමාගමේ ලාභය සියයට 11 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එම ලාභය ඩොලර් බිලියන 1.39 ක් පමණ වනවා.

පසුගිය අර්ධ වාර්ෂිකය හා සසදන විට සමාගමේ ලාභය ඩොලර් මිලියන 140 කින් පමණ වර්ධනය වී තිබෙන බවයි දැක්වෙන්නේ.
2019 වර්ෂයෙන් පසුව Qantas සමාගමේ කොටස්කරුවන්ට මෙවර ලාභාංශ ගෙවීම ද සිදු වනවා.

සමාගම නිවේදනය කළේ මූලික ලාභාංශ (Base Dividends) ගෙවීම සදහා ඩොලර් මිලියන 250 ක් ද විශේෂ ලාභාංශ (Special Dividends) ඩොලර් මිලියන 150 ක් ද කොටස්කරුවන් වෙත ගෙවීමට තීරණය කළ බවයි.